දෙමළ ජනයාට එරෙහි වාර්ගික සංහාරයන්, ජන සංහාරයක් බව දිවංගත ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිණිය ද ඉන්දීය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
NEW DELHI, INDIA, August 24, 2023/EINPresswire.com/ --ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පසුගියදා (2023 ජූලි 28 සිකුරාදා)
පැවති මහජන රැළියකදී ප්‍රකාශ කළේ 2009 වසරේදී ශ්‍රී ලංකාවේ ජන සංහාරය සිදුවූවේ ඉන්දීය කොංග්‍රසය හා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය බලයේ සිටියදී බවයි. මේ ප්‍රකාශය පදනම් කරගනිමින් 2009 දී ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ, ජන සංහාරයක් බවට ප්‍රකාශ කිරීමේ යෝජනාවක් සම්මත කරන ලෙසට දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව ඉන්දීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කළ ෂා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, කොංග්‍රස් හා එක්සත් ප්‍රගතිශීලී සන්ධාන පාලන සමයේදී, ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය සිදුවුණු නිසා තමිල්නාඩුවේ ධීවරයින් ගොඩක් දුක් වින්ඳා‘ යනුවෙනි. ශ්‍රී ලංකාව දෙමළ ජනයාට එරෙහි සමූහ ම්ලේච්ඡ ක්‍රියාවන්, සමූල ඝාතන සිදුකළ බවට ඉන්දීය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පිළිගැනීමක්හි මිකරගැනීම, ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන යෝජනාවක්සැ කසීමට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇතැයි TGTE ය විශ්වාස කරයි. එමගින් ඉන්දියාව මානව හිමිකම්, ජාත්‍යන්තර පර්යාය, නීතියේ ආධිපත්‍යය සහ වගවීම තහවුරු කිරීමට කැපවී සිටින ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස එහි කීර්තිය ඉහළ නංවමින් ජාත්‍යන්තර වේදිකාවේ ඉන්දියාවේ ප්‍රතිරූපය ධනාත්මක ලෙස ඉහළ නැංවීමට හේතුවන ඇත.
සත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳ TGTE ය ඇමති ෂාට ද ස්තුතිවන්ත වෙයි. ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමේ සිට කිලෝමීටර 48.3 ක දුරින් පිහිටි දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් හිදී ඔහු සිදුකළ මෙම ප්‍රකාශය තුළින් සත්‍ය අනාවරණය වූ නිසා ඊළාම් දෙමළ ජනතාව ද එය සැලකිල්ලට ගත්හ. TGTE වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දිවංගත ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිණිය 1983 දී දෙමළ ජනයාට එරෙහිව සිදුවූ වාර්ගික සංහාරය, ජන සංහාරයක් ලෙස ද ඉන්දීය පාර්ලිමේන්තුවේදී හැඳින්වූ බවයි.
ශ්‍රී ලංකා රජය සහ විමුක්ති කොටි සංවිධානය අතර පැවති යුද්ධයේ අවසන්අ දියරේදී යුද අපරාධ සහ මනුෂ්‍යයත්වයට එරෙහි අපරාධ සිදුවූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති බව එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලය වාර්තා කළේය. දෙමළ ඊළමේ (එල්.ටී.ටී,ඊ) එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර සමාලෝචන වාර්තාවට අනුව (Petrie Report) යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන් 70,000 ක් මිය ගියහ.
යුද්ධයේ අවසන් අදිරේදී ද්‍රවිඩ ජාතිකයන් 146,679 ක් අතුරුදහන්ව සිටින බව මන්නාරම රදගුරු දිවංගත ආචාර්ය රායප්පු ජෝසප් මහතාගේ වාර්තාවේ සඳහන්වේ .
2013 මාර්තු 27 වැනිදා තමිල්නාඩු ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් 2009 දී දෙමළ ජනයාට එරෙහිව සිදුකරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය සංහාරය ජන සංහාරයක් බවට ඒකමිතික යෝජනාවක් සම්මත කරන ලදී.
2014 දී ස්වාධීන නීතිවේදීන්ගෙන් සමන්විත බලධාරීන් මහජන විනිශ්චය සභාව (Berlin People’s Tribunal) 2009 යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී
ලංකා රජය විසින් සිදුකරන ලද අපරාධ, වර්ග සංහාරයක ක්‍රියාවක් බව සොයා ගන්නා ලදී.
2015 දී ලංකාවේ උතුරු පළාත් සභාව ද ඉතා සවිස්තරාත්මක ජන සංහාර යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදී. මෑතකදී, කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දින යෝජනාවක් සම්මත කරන ලදී.
ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීම් තිබියදීත්, ලංකාව නීතිය ඉදිරියට පමුණුවා නැත. මේ අනුව, ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ඉන්දීය පාර්ලිමේන්තුව විසින් විධිමත් පිළිගැනීමක්, ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ෂා පසුගියදා දැඩිව අවධාරණය කළ අතර මෙය දෙමළ ජනතාව හා TGTE විසින්ක ඩිනමින් ක්‍රියා කළ යුතු බවට අවධාරණය කළේය. ස්තුතියි.
දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ - Transnational Government of Tamil Eelam (TGTE)
දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්
ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්කර ගැනුණු රජයකි. ශ්‍රී ලංකා රජය 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටවනු ලැබුණි. TGTE තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 132 දෙනෙකු තෝරාපත් කරගැනුණි. මෙම පාර්ලිමේන්තුවේ සභා දෙකක් ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට් මණ්ඩලයෙන් එය සමන්විත වේ.
TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව
මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කරගත යුත්තේ සාමකාමී මාර්ගවලින්ප මණක් බව දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය
යන මූලධර්ම මත පදනම් වේ.
TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ
අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE
අවධාරණය කරයි.
TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන්රු ද්‍රකුමාරන් මහතාය.
ට්වීටර් - @TGTE_PMO
ඊමේල් - [email protected]
වෙබ් අඩවිය - www.tgte-us.org / www.tgte.org
Visuvanathan Rudrakumaran
Transnational Government of Tamil Eelam (TGTE)
+1 614-202-3377
email us here
